Friday, January 30, 2015

Interim Budget Proposals 2015 Sri Lanka

Government of Sri Lanka - Interim Budget 2015  The Interim Budget 2015 presented before the parliament by Finance Minister Ravi Karunanayake.
Government of Sri Lanka - Interim Budget 2015 
The Interim Budget 2015 presented before the parliament by Finance Minister Ravi Karunanayake.
New budget 2015 sri lanka pdf download


Interim Budget 2015 Sri Lanka ශ්‍රී ලාංකිකයින්ට උපරිම සහන දුන් අවස්ථාව මෙය වනු ඇති බව නව රජයේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.  2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.    මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි.  පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට  පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්   පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර  විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට  සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක්  ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක්  වී සඳහා රු. 50ක සහතික මිලක්  අඩු මුදලකට අත් ට්‍රැක්ටර්  පොහොර සහනාධාරය තවදුරටත්  නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ  කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට  රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක්


අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි   සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා  අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට  අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්  මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්  රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්  සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්  රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්   මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට

The Robin Hood Budget (Interim, 2015)

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment