Revenue Licence Status Service |
Welcome to the Vehicle Revenue Licence Status Service. You can check the status of the Revenue Licence of your vehicle using this service. Currently this service is only available for vehicles registered in the Western Province.
|
PayPal යනු කුමක්ද?![]()
PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල්
හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම
භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික
ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය
තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස
හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා
භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන්
සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්
ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල
පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම්
ලබාගැනීම සඳහා PayPal
සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා
එවැනි ගිණුමක්
අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit
or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට
PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම
මුදල් හුවමාරු සේවාව බවට පත්
කරයි.
ගැටළුව
ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු
අයෙකුගෙන් මුදල්
ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම
හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික
සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින්
- එනම් PayPal
භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන්
සේවා ලබාගැනීම පාරිභෝගිකයන්
සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම
හා
කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී
ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර
PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල්
ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක්
වී ඇත. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත්
රටක ව්‍යාජ ලිපින යොදාගනිමින්
PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal
ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.
ගැටළුවට හේතුව |