Showing posts with label Vehicle tax. Show all posts
Showing posts with label Vehicle tax. Show all posts

Wednesday, November 25, 2015

2016 budget increases vecle tax and fat of electric nissan leaf car

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හේතුව සහ බොරුව.
මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්.
අපි මුලින්ම බලමු මේ කාර් එකේ අපිට තියෙන වාසිය මොකද්ද කියලා. මගේ හිතවත් කිහිප දෙනෙක්ම හයිබ්‍රීඩ් ගන්න ගිහින් මගේ පූර්ණ දිරිගැන්වීම මත නිශාන් ලීෆ් කාර් ගත්තා. ඒ වගේම මගේ වෘතීය සහකරුවෙකුත් ඒකට ප්‍රොමෝට් කරා. ඒ අයගේ මාස තුනකට ආසන්න අත්දැකීම් අනුව, වරක් ආරෝපනයෙන් 2015 Nissan Leaf රථයක් කිලෝමීටර 180කට වඩා දුරක් A/C සහිතව දාවනය කරන්න පුලුවන්. ඒ වගේම දිනපතා කොළඹ යන අක්කාට රුපියල් 15 000කට අධික (පෙට්‍ර‍ල් වියදමින් 75%ක් ඉක්මවූ) ඉතිරියක් මාසිකව දැන් තියෙනවා. සේවා වියදම් නඩත්තු වියදම් නොමැති වීමත් තවත් වාසියක්. අපේ හුගක් අය ඉලෙක්ට්‍රික් කියපු ගමන් බය වුනාට දැනටමත් ලංකාව පුරා චාර්ජින් සෙන්ටර් 100කට වඩා තියෙනවා. එයින් 85%ක් පමන පැය 4කින් සම්පූර්ණ චාර්ජ් කිරීමට හැකි ඒවා සහ 15% ක් පමන විනාඩි 20න් 80%ක් චාර්ජ් කරන්න පුලුවන්. ඉක්මන් චාජරය (44kwh) ක මිලියන 4ක් පමණ වන අතර 6.6 kwh පැය 4 චාජරයක් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වෙනවා. මේ සදහා ආයෝජනය කරන පිරිස දිනෙන් දින ඉහල යන බව පේන්න තියෙනවා. නමුත් කාර් එකට ලක්ෂ පනහක් වියදම් කරා නම් ඔය වාසි එකක් වත් වැඩක් නෑ.
මොකද්ද දැන් විදුලි ඉල්ලුමට විසදුම, ඒකට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. නිසාන් සමාගම ම වාහනයේ නමත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. Zero Emission කියලා කියන්නේ පෙට්‍රෝල් පුච්චලා විදුලිය හදලා ඒකෙන් දුවන එක නෙමෙයි. ගෙදරට සූර්‍ය ශක්ති විදුලි ජනකයක් සවි කරලා ඒ මගින් දාවනය කිරීමෙන්. සරළවම අපි වගේ සමකාසන්න රටකට ඒක හරිම ප්‍රායෝගිකයි. අපි දේශීය සැපයුම් කරුවන්ගෙන් කරපු මිල කැදවීම් බැලුවාම දැනගන්න ලැබුනා 5kw සූර්‍ය ශක්ති විදුලි ජනකයක මූලික පිරිවැය ලක්ෂ අට හමාරත් දහයත් අතර වෙනවා. ඒ අනුව අපිට කරන්න තිබුනේ Leaf එක ගන්න එකාට පොල්ලෙන් ගහන එක නෙමෙයි, උන්ට සෝලා පවර් සිස්ටම් එකක් ගන්න ලීසින් එකක් දෙන එක. සොලා සිස්ටම් වලට තියෙන බදු අඩු කරන එක. ග්‍රිඩ් සිස්ටම් එකක් ගත්තා නම් වැඩිපුර ජනනය වෙන සැපයුම ජාතික සැපයුමට සපයන්නත් ඒ මගින් මුදලක් උපයාගන්නත් වාහන කාරයාට පුලුවන් වෙනවා. ලීෆ් එකක් ගන්න එකාට සෝලා පවර් අනිවාර්‍ය කරන්න රජයක් හැටියට පුලුවන්. වසරකට එක් වාහනයකට තෙල් ගේන්න රජයට වැය වෙන ලක්ෂයකට අධික වියදම මේකෙන් අඩුවෙනවා. දුම එජින් ඔයිල් නිසා සිදුවෙන පරිසර හානිය අවම වෙනවා වගේම ජාතික විදුලි සැපයුමත් තව ශක්තිමත් වෙයි.
මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේ‍නවා. පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්‍ර‍මයක් නැති එක. දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක. තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන මන්නාරම තෙල් නිධි බොරුව ඡන්ද පොරොන්දු වලට තවදුරටත් දැමීමට නොහැකි වෙන එක.
මේ අදහස අපිට පුලුවන් නම් හැමෝටම ගෙනියන්න නිසාන් ලීෆ් කාර් එකට සිදුවුන අසාධාරණය සහ ඒ හරහා සිදුවන මගඩිය මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්. රටේ නැති බොරු කියන ගොසිප් සයිට් වලට මේක හොද අලවියක් තියෙන ලිපියක් නොවෙන්න පුලුවන්. හැබැයි ඔයාලාට පුලුවන් මේක සමාජයට ගෙනියන්න. මතක තියාගන්න ලංකාවේ ආන්ඩුවක් වෙනස් කරන්න FB එකට පුලුවන් බව රටේ විධායක ජනාධිපතිත් පිළිගෙන තියෙනවා. මත්පැන් තහනම් කරොත් ආන්ඩුව පෙරළනවා කියා කියුවා නම් Leaf එකත් ආන්ඩුව පෙරළන මාතෘකාවක් වෙන බව ආන්ඩුවට කියාදෙන එක ඔයාලාගේ වැඩක්.
Source : Pubudu

Finance Minister Ravi Karunanayake starts reading Budget 2016 - See more at: http://www.dailymirror.lk/96267/budget-20161#sthash.yTRxJ5L0.dpuf

Sunday, February 1, 2015

Hybrid car prices will go up due to tax revision

Vehicle Importers Association Chairman Mahinda Sarathchandra said yesterday that prices of vehicles below 1000 cc would come down only by Rs. 25, 000 in the wake of the 15% tax reduction announced in Thursday’s mini budget while all hybrid cars would go up by as much as Rupees one million. Mr. Sarathchandra said the 172.5% custom duty which had been imposed on cars below 1000 CC was reduced to 155.25% which would result in a decrease of Rs. 25, 000 for cars below 1000 cc. He said however prices of hybrid cars would go up by a huge amount due to the new tax system.Vehicle Importers Association Chairman Mahinda Sarathchandra said yesterday that prices of vehicles below 1000 cc would come down only by Rs. 25, 000 in the wake of the 15% tax reduction announced in Thursday’s mini budget while all hybrid cars would go up by as much as Rupees one million. Mr. Sarathchandra said the 172.5% custom duty which had been imposed on cars below 1000 CC was reduced to 155.25% which would result in a decrease of Rs. 25, 000 for cars below 1000 cc. He said however prices of hybrid cars would go up by a huge amount due to the new tax system.

 Mr. Sarathchandra said the price of a Prius car would go up by Rs. 9 75, 000, Axio by Rs. 7 25, 000 and Honda Fit by Rs. 700, 000 because of the new taxation. He said the tax revisal would have an impact on vehicle importers.(Ajith Siriwardana) Listen Audio here - See more at: http://www.dailymirror.lk/62601/hybrid-car-prices-will-go-up-due-to-tax-revision#sthash.ZFpMsi0x.dpuf

Friday, January 30, 2015

Vehicle Tax Reduction in Sri Lanka 2015

New Vehicle tax in Sri Lanka 

The Interim Budget 2015 presented before the parliament by Finance Minister Ravi Karunanayake.
Vehicle taxes reduction 15% for vehciles with engines below 1000 CC

Click image to enlarge>>
New Vehicle tax in Sri Lanka   The Interim Budget 2015 presented before the parliament by Finance Minister Ravi Karunanayake. Vehicle taxes reduction 15% for vehciles with engines below 1000 CC