PayPal යනු කුමක්ද?
PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල්
හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම
භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික
ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය
තුළ මුදල් හුවමාරු කිරීමේ අප්රකාශිත සම්මතය ලෙස
හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා
භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන්
සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්
ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල
පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම්
ලබාගැනීම සඳහා PayPal
සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා
එවැනි ගිණුමක්
අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit
or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට
PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම
මුදල් හුවමාරු සේවාව බවට පත්
කරයි.
ගැටළුව
ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු
අයෙකුගෙන් මුදල්
ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම
හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික
සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින්
- එනම් PayPal
භාවිතයෙන් - සේවා සපයන ඉන්දියානු ජාතිකයන් වැන්නන්ගෙන්
සේවා ලබාගැනීම පාරිභෝගිකයන්
සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම
හා
කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී
ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර
PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල්
ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක්
වී ඇත. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත්
රටක ව්‍යාජ ලිපින යොදාගනිමින්
PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal
ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.
ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන්
යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා
මුදල්
ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:
“Why does my PayPal account have
only send capabilities? Members in some countries and
regions may only use PayPal to
send payments and not receive payments due to the
complexities of global finance.
We are constantly working to improve services for you and
hope to expand our features for
you in the future. You can view the countries with send only
capabilities under the Send Money
to Anyone in the Growing PayPal Network on the PayPal
Worldwide
(https://www.paypal.com/cgi-bin/webscr?cmd=_display-approved-signup-countries-
outside) page.“
-https://www.paypal.com/helpcenter/main.jsp;jsessionid=g2N6PMrCFxyfQQbJZ6
j21v12yTw5xq
Pd1Mb1dxNG11nhGHjHY1y7!2075623774?locale=en_US&_dyncharset=UTF-8&countrycode=LK&cmd=_help&serverInstance=9002&t=solutionTab&ft=browseTab&ps=solu
tionPanels&solutionId=11811&isSrch=Yes
ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය
නීති ලෝකයේ
හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal
ආයතනයට තමන්ගේ සේවාවන්
ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.
විසඳීම
ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ
ශ්‍රී ලංකා මහ
බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී
ලාංකිකයන්ට ලැබිය
හැකි වාසි රැසකි.
eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන
භාණ්ඩ විකිණිම හා එයට
අදාළ මුදල් ලබාගැනීම.
සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ
සඳහා අදාළ මුදල්
ලබාගැනීම.
ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග
කරන්නට හැකි වීම.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන
මුදල් ප්‍රමාණය වැඩිවීම.
විසඳන මග.
PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay
Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී
ලංකා
රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත
යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ
ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා
මේවායි:
ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ
අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා
ගැනීමේ පහසුකම.
ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා
ගැනීමේ පහසුකම.
ඔබේ සහය දක්වන්න
පෙත්සම අත්සන් කරන්න: http://j.mp/PayPalForSriLanka
වෙබ් අඩවිය: https://sites.google.com/site/ppforsrilanka
#PayPalForSriLanka හැෂ්ටැගය සමග Twitter සංවාදයට එකතු වෙන්න.
Facebook සමූහය වෙත එකතු වෙන්න: https://www.facebook.com/groups/paypalforsrilan
Paypal for Sri Lnka - Send and
receive money in
Sri Lanka
|
Siyalla.lk Gannadeshiyade.com
i will teach you how to withdraw your money to from paypal to sri lankan bank account. just add me on skype, bong.beengs
ReplyDeleteThanks for comment ; could you please brief me about your method in here as a reply.
Delete