Showing posts with label Education. Show all posts
Showing posts with label Education. Show all posts

Saturday, March 5, 2016

Kuliyapitiya child is invited by a group of Sri Lankan expatriate from UK to migrate and study in London.

This article was abstracted from http://yournews.lk/  website.
Special thanks to the yournews.lk
 Kuliyapitiya child is invited by a group of  expat from UK to migrate and study  in London. this child in Kuliyapitiya who was denied school admission due to a false rumour of being infected with HIV.
එච්.අයි.වී ආසාදිතයකු බවට පැතිර ගිය ව්‍යාජ ප්‍රචාරයක් හේතුවෙන් පාසල අහිමි වූ දරුවා මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සුදානම් වනවා.
මහා බ්‍රිතානයේ පුරවැසිභාවය ලබාසිටින එම ශ්‍රී ලාංකික පිරිස නියෝජනය කරමින් සුරංග සංජීව විදානගේ මහතා සඳහන් කළේ, yournews.lk වෙබ් අඩවියේ “මෙන්න ඇත්ත” විශේෂාංගය යටතේ පළවූ වාර්තාව කියවූ තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.
“දරුවකුගේ අනාගතය විනාශ කළ තීන්දුව” මැයෙන් පළ වූ එම වාර්තාව මගින් දරුවාට සහ මවට සමාජයෙන් අත්වූ දැඩි අසාධාරණය ශ්‍රී ලාංකිකයින් ලෙස තමන් ඇතුළු කණ්ඩායම කිසි විටකත් අනුමත නොකරන බව විදානගේ මහතා අප සමඟ ප්‍රකාශ කළා.
දැඩි සමාජ අසාධාරණයකට ලක්වූ එවන් දරුවකුට සහ මවකට මහා බ්‍රිතාන්‍ය නීතිය යටතේ පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාවක් ඇති බව පශ්චාත් උපාධිධාරියෙකු වන විදනාගමගේ මහතා පෙන්වා දෙනවා.
මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට අනුබද්ධව කටයුතු කරන විදානගේ මහතා දරුවා සමග එංගලන්තයට පැමිණීමට කැමැත්තක් දුරථනය ඔස්සේ මවගෙන් විමසා තිබෙනවා.
මව පවසා ඇත්තේ, එංගලන්තයට යාම සිහිනයක් වුවත් ඊට තමන් කැමැති බවයි.
මේ සම්බන්ධයෙන් අප දරුවාගේ මවගෙන් විමසීමක් කළා.
ඇය සඳහන් කළේ, විදෙස්ගතවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට තමන්ට දැනුමක් නොමැති බවයි.
කෙසේ වෙතත් ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව සුරංග සංජීව විදානගේ මහතා පවසනවා.
මේ අතර , yournews.lk වෙබ් අඩවියෙන් දරුවාගේ ප්‍රවෘත්තිය කිය වූ තුලාව facebook සංසදය ද දරුවාට සහ මවට විදෙස් ගතවීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කිරීමට සූදානම් බව අප සමග ප්‍රකාශ කළා.
ලොව පුරා රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණයින්ගෙන් සැදුම් ලත් එම සංසදයේ නිර්මාතෘ කවිදු පතිරණ මහතා yournews.lk වෙත සඳහන් කළේ, එච්.අයි.වී. භීතියෙන් පාසැල අහිමිවූ දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම සංසදය අවශ්‍ය පියවර ගන්නා බවයි.

Friday, July 10, 2015

G. C. E. (A/L) Time Table 2015 - Download

Image result for G. C. E. (A/L) Time Table 2015

The tentative Time Table for the 2015 Advanced Level examination

Download the G. C. E. (A/L) Time Table 2015 from Department of Examinations Sri Lanka.
Download